අමාත්‍ය ප්‍රසන්න රණතුංග රු. මිලියන 200ක වන්දියක් ඉල්ලයි

ප්‍රසන්න දයාසිරිගෙන් රු. මිලියන 200ක වන්දියක් ඉල්ලයි

ප්‍රසන්න දයාසිරිගෙන් රු. මිලියන 200ක වන්දියක් ඉල්ලයි

රුපියල් මිලියන 200ක වන්දියක් ඉල්ලා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

ඒ දයාසිරි ජයසේකර මහතා සිදුකළ ප්‍රකාශයකින් තම කීර්ති නාමයට හානි සිදුවූ බව ප්‍රකාශ කරමින්.

මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවති රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා තමාට එරෙහිව කළ ප්‍රකාශයෙන් ප්‍රසන්න රණතුංග මහතා ගැන ජනතා විශ්වාසය පළුදුවිය හැකි බව ඒ මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ නදීශ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

අසත්‍ය ප්‍රකාශයක් එළෙස ජනගත වීමෙන් ප්‍රසන්න රණතුංග මහතා චිත්ත පීඩාවකට ලක්ව ඇති බවද ඔහු සදහන් කරනවා.

ඒ හේතුවෙන් රුපියල් මිලියන 200ක මුදලක් අදාළ ලිපිය ලැබී දින 14ක් තුළ ගෙවන ලෙස සදහන් කරමින් එන්තරවාසියක් යොමුකර ඇති අතර එම මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් ඊට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවද එහි සදහන් කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *