අවුරුදු 40ට වැඩි ලංගම සේවකයින්ගෙන් වෛද්‍ය වාර්තා ගැනීම අනිවාර්ය වේ

අවුරුදු 40ට වැඩි ලංගම සේවකයින්ගෙන් වෛද්‍ය වාර්තා ගැනීම අනිවාර්ය වේ

අවුරුදු 40ට වැඩි ලංගම සේවකයින්ගෙන් වෛද්‍ය වාර්තා ගැනීම අනිවාර්ය වේ

ලංකා ගමනාගමන මණ්ඩලයේ වයස අවුරුදු 40ට වැඩි සේවකයින්ගෙන් වෛද්‍ය වාර්තා ලබාගැනීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.

එම මණ්ඩලය සඳහන් කළේ, ඒ යටතේ මාස හතරකට වරක් වෛද්‍ය වාර්තා ලබාගන්නා බවයි.

බස් රථයක් ධාවනය කරන අතරතුර ඇති වූ හදිසි රෝගි තත්ත්වයකින් ලංගම රියදුරෙකු පසුගිය ඉරිදා දින (24) මියගොස් තිබේ.
අදාළ තීරණය ගෙන ඇත්තේ, එම සිදුවීම පදනම් කරගනිමිනි.

ඒ සම්බන්ධයෙන් සඳුදා දින (26) සියලු ලංගම සේවකයින් දැනුවත් කිරීමට නියමිත බව වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *