ඊශ්‍රායලයට පැය 48ක හදිසි තත්ත්වයක්

ඊශ්‍රායලයට හදිසි තත්ත්වයක්

ඊශ්‍රායලයට හදිසි තත්ත්වයක්

ඊශ්‍රායලය පැය 48ක රටපුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ ලෙබනනය පදනම් කරගනිමින් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට මහා පරිමාණ ප්‍රහාරයක් ප්‍රකාශ කර ඇති බැවිණි.
දෙරට අතර දැවැන්ත ප්‍රහාර එල්ලවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊශ්‍රායලය ඉලක්ක කර රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර 320කට වැඩි ප්‍රමාණයක් හිස්බුල්ලා සංවිධානය එල්ලකර ඇති බවද වාර්තා වී තිබේ.

මෙම ප්‍රහාරය ඊශ්‍රායලය විසින් මින් මාසයකට පෙර සිය ප්‍රධාන හමුදාපති ෆුවාඩ් ෂුකුර් (Fouad Shukur) ඝාතනය කිරීමට අදාළ පළිගැනීමක් ලෙස එම සංවිධානය අර්ථ දක්වා ඇත.

මෙම ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයද හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *