ජල හා මළාපවහන ගාස්තු අඩු කරයි

0
ජල හා මළාපවහන ගාස්තු අඩු කරයි

ජල හා මළාපවහන ගාස්තු අඩු කරයි

ජල හා මළාපවහන ගාස්තු අඩු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ විෂය භාර අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා විසින්ය. ගාස්තු සංශෝධන පසුගිය 21වැනිදා සිට ක්‍රියාත්මකයි.

ගාස්තු අඩු කිරීම් කර ඇත්තේ සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය, රජයේ පාසල්, රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යටතේය.

සමස්තයක් ලෙස ගාස්තු අඩුවීමේ ප්‍රතිශතය 5%කට අධික බව ජල සම්පාදන මණ්ඩලය පැවසුවේය.

ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට 05 දක්වා ගාස්තුව ඒකකයක් රුපියල් 60 සිට 50 දක්වා රුපියල් 10කින් අඩුකර ඇති අතර, ඒකක 76ත් 100ත් අතර ඒකකයක් සඳහා අය කරන ගාස්තුව රුපියල් 270 සිට 250 දක්වා රුපියල් 20කින් පහත දමා තිබේ.

රජයේ සහ රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යටතේ සියලු ඒකකයක් සඳහා අය කළ රුපියල් 60ක ගාස්තුව රුපියල් 5කින් පහත දමා ඇති අතර, එහි නව ගාස්තුව වන්නේ රුපියල් 55 කි.

මේ අතර, ඒකකයක් රුපියල් 100ක්ව පැවති රජයේ රෝහල් සඳහා භාවිත කරන ජල ඒකකයක් රුපියල් 95ක් දක්වා රුපියල් 05කින් අඩුකිරීමට කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් මෙම ජල ගාස්තු සංශෝධනය යටතේ මාසික සේවා ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු කර නොමැති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය සඳහන් කළේය.

මීට සමගාමිව මළාපවහන ගාස්තුද අඩු කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com