ආර්ථික ප්‍රතිපත්ති හා ප්‍රතිඥා සාකච්ඡාවට බඳුන් වන ආර්ථික විවාදය 29දා

ආර්ථික ප්‍රතිපත්ති හා ප්‍රතිඥා සාකච්ඡාවට බඳුන් වන ආර්ථික විවාදය 29දා

ආර්ථික ප්‍රතිපත්ති හා ප්‍රතිඥා සාකච්ඡාවට බඳුන් වන ආර්ථික විවාදය 29දා

2024 ජනාධිපතිවරණය සඳහා එක්වන ප්‍රධාන අපේක්ෂකයින් සිව්දෙනෙකුගේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ‘Defining the Vision – THE Debate’ විවාදය එළඹෙන අගොස්තු 29දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ලංකා වානිජ මණ්ඩලය විසින් සංවිධානය කර ඇති මෙම විවාදයේදී එක් එක් අපේක්ෂකයින් විසින් ඉදිරිපත් කර ඇති ආර්ථික ප්‍රතිපත්ති හා ප්‍රතිඥා සාකච්ඡාවට බඳුන් වනු ඇත.

එම විවාදය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා, සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා නියෝජනය කරමින් ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා නියෝජනය කරමින් මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා එක්වීමට නියමිතය.

විවාදය මෙහෙයවීම ලංකා වානිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා සහ ලංකා වානිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කස්තුරි චෙල්ලරාජා මහත්මිය විසින් සිදුකරනු ඇත.

අගෝස්තු 29දා පෙරවරු 9.00 සිට පෙරවරු 10.30 දක්වා මෙම විවාදය පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වීමට කැමති අය හට අගෝස්තු 25 දිනට පෙර පහත සබැඳි ඔස්සේ ලියාපදිංචි විය හැකිය.

Alikie – 0115588805/[email protected]

Sriyani – 0115588877/[email protected]

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *