ගත වූ කාලසීමාව තුළ රිය අනතුරුවලින් 1,417 දෙනෙකු ජීවිතක්ෂවට

ගත වූ කාලසීමාව තුළ රිය අනතුරුවලින් 1,417 දෙනෙකු ජීවිතක්ෂවට

ගත වූ කාලසීමාව තුළ රිය අනතුරුවලින් 1,417 දෙනෙකු ජීවිතක්ෂවට

වසරේ ගත වූ කාලසීමාව තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,417 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ වාර්ෂිකව යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයින් 1,000ක් පමණ මියයන බවය.

“3,000කට අධික ප්‍රමාණයක් අනතුරු සිදුවන්නේ, පාරේ දී සිදුවන අනතුරු. වසරකට ඒ අනතුරුවලින් තුනෙන් එකක් ජීවිතක්ෂයට පත්වෙන්නේ යතුරුපැදිවලින් සිදුවන අනතුරු නිසා. 2023 වසරේ දී මාර්ග අනතුරු අඩුවීමක් දක්නට ලැබුණා. 2,214න් 2,321 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා. 2024 ජනවාරි 1 වනදා සිට 2024 අගෝස්තු 10 වෙද්දි මාරක රිය අනතුරු 1,352න් 1,417ක් ජීවිතක්ෂයට පත්වෙලා තියෙනවා.”

මාරක රියඅනතුරුවලින් පසුගිය වසරේදී පාසල් සිසුන් 328 දෙනෙක් මියගොස් ඇති බවද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි.

වසර 10කට 30,000කට අධික ප්‍රමාණයක් දරුවන් ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *