ගතවූ මාස 06 තුළ ඇ.ඩොලර් බිලියන 09ක අපනයන ආදායමක්
බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ මෙරටට ආනයනය තහනම් කෙරේ
මෙම වසරේ ගතවුණු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන නවයක (09) අපනයන ආදායමක් ලබා ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
එසේම පසුගිය මාස හයක කාලයක තුළ ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියන 800ක පමණ ආයෝජන සඳහා ගිවිසුම් ගත වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ (21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.




