රනිල්ගේ වඟකීම් සහිත කතා වඟකීම් රහිත කතා වෙලා-හර්ෂ

මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය්‍ය හර්ෂ ද සිල්වා

මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ආචාර්ය්‍ය හර්ෂ ද සිල්වා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණය ළං වෙනකොට වැටුප් වැඩි කිරිම් ගැන වගකීමක් සහිතව කල කතාව වගකීමක් රහිතව කරන බවක් පෙන්නුම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (17) දින සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්.

එහිදී අදහස් පල කල පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

අපි මුල සිටම අයි.එම්.එෆ් එකට විරැද්ධව ඡන්දය දුන්නේ නැහැ. අපේ අනෙක් විරැද්ධ පක්ෂයේ අය ඡන්දය දුන්නට ඇයි අපි විරැද්ධව ඡන්දය දුන්නේ නැත්තේ අපිට අවබෝධ වුණා අයි.එම්.එෆ් එකත් එක්ක සම්බන්ධ වෙලා මේ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන්න ඕන කියලා. අපි ජයග්‍රහණය කළායින් පස්සේ අපිට නිල වශයෙන් මෙම සාකච්ඡා ඉදිරියට අරගෙන යන්න පුලුවන් අපේ රජයක් යටතේ. අපි නුදුරේදීම කොහොමද බදු වෙනස්කම් කරන්නේ කියලා ජනතාව දැනුවත් කරනවා. රැපියල් 25000 කින් පඩි වැඩි කරන කතාවක් ඔබතුමා ප්‍රකාශ කර තිබෙනවා. අපි ඒ ගැන සොයලා බැලූ විට ජීවන වියදම් දීමනාව 17500 සිට 25000 දක්වා යෝජනාවක් තියෙනවා කියලා ඔබඔතුමාම කියනවා කිසිම විදිහකින්පඩි වැඩි කරන්න බෑ. එහෙම උනොත් රට බංකොලොත් වෙනවා කියලා. පඩි වැඩි කිරීම බදු අඩුකිරීම වැනි ප්‍රකාශ ඡන්දය ලංවෙලා ඔබ තුමා ප්‍රකාශ කරනවා. වගකීමක් සහිතව කරපු කතාව වගකීමක් රහිතව කරන බවක් තමයි අපිට දැන් පෙනෙන්නෙ ජනතාව දැන ගන්න ලැබිච්ච ඒක අතිශයින්ම හොදයි. මොකද අපි එදා ඉදන්ම කිව්වා. මේකේ ඉස්පිලි පාපිලි වෙනස් කරන්න පුලුවන් කියලා සජබ ජනතාව ඉදිරියේ ඔප්පු කර තිබෙනවා. ඒකට ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. අපි ඉතාම ගැඹුරින් මේ බදු ප්‍රතිපත්තිය විශ්ලේෂණය කළා. රජයට ලැබිය යුතු ආදායම ප්‍රමාණය ඒ් ආකාරයට තියා ගන්නේ කොහෛාමද ඒ් අනුව අපිට තිබෙනවා වැඩපිළිවෙලක් තව නොබෝ දිනකින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා
-news19

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *