දකුණු ලෙබනනයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර

දකුණු ලෙබනනයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර

දකුණු ලෙබනනයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර

ඊශ්‍රායල හමුදාව විසින් දකුණු ලෙබනනයේ නබාටියේ නගරයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 10 දෙනෙක් ඝාතනයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මියගිය පිරිස අතර දරුවන් දෙදෙනෙක්ද වෙයි. තවත් 5 දෙනෙක් තුවාල ලබා තිබුණි.

මියගිය සියලු දෙනා සිරියානු වැසියන් බව සඳහන්ය.

මේ අතර ඊශ්‍රායල හමුදාව පැවසුවේ හිස්බුල්ලා කණ්ඩායම භාවිත කළ අවි ගබඩාවක් ඉලක්ක කර එම ප්‍රහාරය එල්ලකළ බවයි.
ඊට ප්‍රතිචාර ලෙස උතුරු ඊශ්‍රායලයේ ගම්මානයකට රොකට් ප්‍රහාර 55ක් එල්ලකළ බව හිස්බුල්ලා කණ්ඩායම නිවේදනය කළේය.

ඉන් ඊශ්‍රායල භටයින් දෙදෙනෙක් තුවාල ලබා තිබුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *