දුඹුරු සීනි ජාවාරමක් ගැන තොරතුරු හෙළි වේ

දුඹුරු සීනි ජාවාරමක් ගැන තොරතුරු හෙළි වේ

දුඹුරු සීනි ජාවාරමක් ගැන තොරතුරු හෙළි වේ

ඉන්දියානු දුඹුරු සීනි ලෙස හඳුන්වමින් මෙරට වෙළෙඳපොළට එන සීනි ජාවාරමක තොරතුරු හෙළි කරගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය සමත්වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත දුඹුරු සීනි සමග ඉන්දියාවෙන් ආනයනය කරන ලද සුදු සීනි මිශ්‍ර කරමින් මෙම දුඹුරු සීනි මෙරට වෙළෙඳපොළට නිකුත් කරන බව හෙළිවී ඇත.

අගෝස්තු 15 වන බ්‍රහස්පතින්දා ඇඹිලිපිටිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය කෙරුණි. අදාළ ව්‍යාපාරිකයා කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට සැක කෙරෙයි.

එම ස්ථානයේ තිබී කිලෝග්‍රෑම් 50 හිස් සීනි ඇසුරුම් 2500කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ඒවා තුළ තිබූ සීනි ඉන්දියානු දුඹුරු සීනි ලෙස වෙළෙඳපොළ තුළ අලෙවි කර තිබේද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකය.

මෙලෙස මිශ්‍ර කරන ලද දුඹුරු සීනි කිලෝවක් රුපියල් 300ක පමණ මිලකට අලෙවිකර ඇති බවද නිලධාරීන් පවසයි.සුදු සීනි කිලෝවක් රුපියල් 240 බැගින් සහ රතු සීනි කිලෝවක් රුපියල් 310 බැගින් අදාළ ව්‍යාපාරිකයා මිලදී ගෙන ඇති බවටද හඳුනාගෙන තිබේ.

මේ අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝ 1000ක් පිටකොටුව ආදුරුප්පු වීදියෙන් සොයාගෙන තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පැවසුවේ ප්‍රසිද්ධ ආහාර ආනයන ආයතනයකට අයත් ගබඩාවක් තුළ මෙම පරිප්පු තොගය වෙළෙඳපොළට යැවීමට දිලීර ඉවත් කරමින් ඇසුරුම් කරමින් තිබූ බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *