ගුවන් වරාය පර්යන්ත ෂට්ල් සේවාවට සුඛෝපභෝගී බස් රථ සංගමයේ විරෝධයක්

ගුවන් තොටේ අලුත් බස් රථ සේවාවට සුඛෝපභෝගී බස් රථ සංගමයේ විරෝධයක්

ගුවන් තොටේ අලුත් බස් රථ සේවාවට සුඛෝපභෝගී බස් රථ සංගමයේ විරෝධයක්

කටුනායක ගුවන් තොටුපොළ සිට නව ෂටල් සේවා බස් රථ ධාවනය ආරම්භ වූ සැනින් මෙතෙක් කටුනායක ගුවන් තොටුපොළ – කොළඹ කොටුව අතර සුඛෝපභෝගී බස් රථ ධාවනයෙහි නිරත බස් රථ සංගමයේ බස් රථ බ්‍රහස්පතින්දා දින (15) දහවල් 12.00සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මෙහිදී කටුනායක ගුවන් තොටුපොළ – කොළඹ , කොටුව සුඛෝපභෝගී බස් රථ සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මෙවන් සමයක නව රැකියා සඳහා පත්වීම් ලබා දීමට නොහැකි නම් නව බස් රථ සඳහාද එම නිර්දේශ ඒ ආකාරයටම බලපවත්වන බවයි.

තම සංගමයේ සුඛෝපභෝගී බස් රථ 71 ලියාපදිංචි වී සිටින අතර එයින් දිනපතා බස් රථ 42ක් ධාවනයෙන් ඉවත් කර තබන බවද, ඒ අනුව තම සංගමයේ ලියාපදිංචි බස් රථයක් මාසයක කාලයක් තුළදී ධාවනයෙහි යෙදෙන්නේ දින 10ක් පමණක් බවත් ඔවුන් පවසනවා.

මෙම අනීතික බස් රථ ධාවනය බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා විසින් නැති අවශ්‍යතාවයක් පෙන්වා ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය සහ ජාතික ගමනාගමන කොමිසම ලවා මෙම බස් රථ ධාවනය ආරම්භ කර ඇති බවද ඔවුන් වැඩිදුරත් කියා සිටියා.

මෙවැනි අවශ්‍යතාවයක් පවතින්නේ නම් දැනට තම සංගමයේ ලියාපදිංචි, දිනකට ධාවනයෙන් ඉවත් වන බස් රථ 42 ඒ සදහා යොමු කළ හැකි බවත් තමන් මෙම ගමනාන්ත සඳහා එක් මගියෙකුගෙන් අය කරන්නේ රුපියල් 300 ක් වැනි මුදලක් බවත්, එහෙත් ගුවන් තොටුපොළ ෂටල් සේවා බස් රථ ඒ සඳහා එක් මගියෙකුගෙන් රුපියල් 3,000ක මුදලක් අය කරන බවත් ඔවුන් පවසනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *