රනිල්ට සහය දෙන්න පොහොට්ටු සාමාජිකයින්ගෙන් නව පක්ෂයක්

රනිල්ට සහය දෙන්න පොහොට්ටු සාමාජිකයින්ගෙන් නව පක්ෂයක්

රනිල්ට සහය දෙන්න පොහොට්ටු සාමාජිකයින්ගෙන් නව පක්ෂයක්

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් ලබන සතිය වනවිට නව පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ මහනුවරදී සෙනසුරාදා (10) පැවති හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේදීයි. එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගි විය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, තමා වෙනුවෙන් සහය දැක්වීමට ඉදිරිපත්වී සිටින සියළු දෙනාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දැක්වීමට ඉදිරිපත්ව සිටින පළාත් සභා හා පළාත් පාලන ආයතනවල හිටපු මහජන නියෝජිතයින් ඇතුළු සියලුදෙනාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදයේ යෝජනා ඇතුළත් ලේඛනයක්ද එහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවේය.

කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *