ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී කඩයිමක් සම්පූර්ණ කළ රන්ජන් මඩුගල්ලේ

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී කඩයිමක් සම්පූර්ණ කළ රන්ජන් මඩුගල්ලේ

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී කඩයිමක් සම්පූර්ණ කළ රන්ජන් මඩුගල්ලේ

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 400ක තරග තීරකවරයා ලෙස කටයුතු කළ ලොව පළමු තරග තීරකවරයා ලෙසින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී කඩයිමක් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම තරග තීරකවරයා ලෙසින් සැලකෙන රන්ජන් මඩුගල්ලේ මහතා සමත් විය.

ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී (07) පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ තරග තීරකවරයා ලෙසින් එක්වෙමින් ඔහු මෙම ඓතිහාසික කඩයිම පසුකර යෑමට සමත් විය.

වසර 10කට (1979 – 1988) ආසන්න කාලයක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් හා එක්දින ක්‍රිකට් තරග ක්‍රීඩා කර ඇති මඩුගල්ලේ මහතා, 1988 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසු 1993 වසරේදී ක්‍රිකට් තරග තීරකවරයෙකු ලෙසින් සිය වෘත්තීය ගමන්මග ආරම්භ කළේය.

ටෙස්ට් තරග 200ක් විනිශ්චය කළ පළමු හා එකම තරග තීරකවරයා වන්නේද රංජන් මඩුගල්ලේ මහතා වන අතර, ඔහු මේ වනවිට ටෙස්ට් තරග 216කට සිය දායකත්වය ලබා දී ඇත.

වැඩිම එක්දින තරග විනිශ්චය කළ තරග තීරක ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ එංගලන්තයේ ක්‍රිස් බ්‍රෝඩ් (361), තෙවැනි ස්ථානයේ නවසීලන්තයේ ජෙෆ් ක්‍රෝ (329) හා සිව්වැනි ස්ථානයේ ඉන්දියාවේ ජවගල් ශ්‍රීනාත් (268) රැඳී සිටිති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *