රුසියාව සහ බටහිර රටවල් අතර සිරකරුවන් හුවමාරුවක්

රුසියාව සහ බටහිර රටවල් අතර සිරකරුවන් හුවමාරුවක්

රුසියාව සහ බටහිර රටවල් අතර සිරකරුවන් හුවමාරුවක්

රුසියාව සහ බටහිර රටවල් අතර ඇති කරගත් එකඟතාවකට අනුව සිරකරුවන් හුවමාරුවක් සිදුවූ බව අමෙරිකාව තහවුරු කර තිබේ.

එහිදී දෙපාර්ශවයෙන්ම සිරකරුවන් 24ක් නිදහස් කෙරුණු අතර එය වාර්තා අතරට එක්ව ඇත්තේ, ශීත යුද්ධයෙන් පසුව රුසියාව සහ බටහිර රටවල් අතර සිදුවූ විශාලතම සිරකරුවන් හුවමාරුව ලෙසය.

තුර්කියේ අන්කාරා ගුවන්තොටුපළේදී සිදුවූ සිරකරු හුවමාරුවේදී රුසියාව සිරකරුවන් 16 දෙනෙකු නිදහස් කර තිබුණි.

ඒ අතරට ඔත්තු බැලීමේ චෝදනාව මත රුසියාව අත්අඩංගුවට ගත් අමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් සඟරාවේ වාර්තාකරුවෙකු වන ඉවාන් ගෙර්ෂ්කොවිච් ද අයත්ය.

නිදහස ලැබූ සිරකරුවන්ගේ ඥාතීන් ඕවල් කාර්යාලය වෙත කැඳවීමටත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පියවර ගෙන තිබුණි.

සිරකරුවන් හුවමාරුවෙන් පසුව අමෙරිකාව අයුතු රඳවා තැබීම් සංකේතවත් කෙරෙන ධජය ඔසවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ වෙනුවට අමෙරිකාව, නෝර්වේ, ජර්මනිය, පෝලන්තය සහ ස්ලෝවේනියාව යන රටවල සිටි රුසියානු සිරකරුවන් 8 දෙනෙකු නිදහස් කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *