ලොව පුරා බිලි­යන සංඛ්‍යාත ජන­තා­වට ‘තාප වසං­ග­ත­යක්’

ලොව පුරා බිලි­යන සංඛ්‍යාත ජන­තා­වට ‘තාප වසං­ග­ත­යක්’

ලොව පුරා බිලි­යන සංඛ්‍යාත ජන­තා­වට ‘තාප වසං­ග­ත­යක්’

ලොව පුරා වාර්තා­ගත අයු­රින් උෂ්ණ­ත්වය ඉහළ ගොස් ඇතැයිද, එය දැන් තාප වසං­ග­ත­යක් බවට පත්වී ඇතැයිද එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ මහ­ලේ­කම් අන්ටෝ­නියෝ ගුටාරෙස් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගෝලීය වශ­යෙන් බිලි­යන සංඛ්‍යාත ජන­තාව දැඩි උෂ්ණ­ත්ව­යෙන් පීඩා­වට පත්ව සිටින බව සඳ­හන් කර­මින් එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ මහ­ලේ­ක­ම්ව­රයා අධික තාපයේ බල­පෑ­ම්ව­ලට කඩි­නම් විස­ඳුම් සෙවී­මට පිය­වර ගන්නා ලෙස ලෝක නාය­ක­ය­න්ගෙන් ඉල්ලී­මක්ද කර ඇතැයි වාර්තා වේ.

දේශ­ගු­ණික විප­ර්යාස හේතු­වෙන් ලොව පුරා ජන­තාව පෙර නොවූ විරූ අයු­රින් ඉහළ උෂ්ණ­ත්ව­ය­කට මුහුණ දෙමින් සිටින බවත්, එය ගෝලීය ආර්ථි­ක­යට දැඩි බල­පෑ­මක් එල්ල කරන බවත් සඳ­හන් කර ඇති අතර, එම තත්ත්ව­යෙන් කඩි­න­මින් මිදීම සඳහා පොසිල ඉන්ධ­න­ව­ලින් ඉව­ත්වන ලෙස ලෝක නාය­ක­ය­න්ගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වේ. මැද­පෙ­ර­දිග, අප්‍රි­කාව, ආසි­යාව ඇතුළු කලාප රැසක ජන­තාව අධික උෂ්ණ­ත්වය හේතු­වෙන් දුෂ්ක­රතා රැස­කට මුහු­ණපා සිටින බවද වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *