තමන්ට නියමිත මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදීත් ඡන්දය දීමට අවස්ථාව

0
2026 වර්ෂයට අදාළ ඡන්ද හිමියන් ගැන PAFFREL සංවිධානයෙන් දැනුම්දීමක්

2026 වර්ෂයට අදාළ ඡන්ද හිමියන් ගැන PAFFREL සංවිධානයෙන් දැනුම්දීමක්

එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින්ට තමන්ට නියමිත මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව අවධාරණය කළේ සුදුසුකම්ලත් ඡන්ද දායකයින්ට තමන්ට නියමිත ස්ථානයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වීම පිළිබඳ සාධාරණ හේතුවක් ඇත්නම් විකල්ප ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට ඉල්ලීමක් කළ හැකි බවය.

මේ සඳහා ඉල්ලුම් කරන අයදුම්කරුවන්ට ඒ සඳහා වන ආකෘති පත්‍ර ලබන අගෝස්තු මස 01 වනදා හෝ ඊට පෙර මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකළ යුතු වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com