රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන්ට 3,000/-ක දීමනාවක්

රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය
රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා ලබන සැප්තැම්බර් මස සිට රුපියල් තුන්දහසක විශේෂ දීමනාවක් ලබාදීමට පසුගිය බදාදා දින (24) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය විසඳන තෙක් මෙම දීමනාව ලබාදීමට තීරණය කර ඇත.
රාජ්‍ය සේවයේ විශ්‍රාම වැටුප් විෂමතාවය විසඳීම සඳහා පත් කෙරුණු කමිටුවේ නිර්දේශ මත විශ්‍රාමිකයන් සඳහා මෙම විශේෂ දීමනාව ලබාදීමට තීරණය කර තිබේ.