ඉන්දියාවේ රන් සහ රිදී ආනයන බදු පහතට

මෝදිගේ නව සන්ධාන රජයේ මංගල අයවැයෙන් රන් සහ රිදී ආනයන බදු පහත දමයි

මෝදිගේ නව සන්ධාන රජයේ මංගල අයවැයෙන් රන් සහ රිදී ආනයන බදු පහත දමයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නව සන්ධාන රජය සිය මංගල අයවැය බදාදා දිනයේ (24) ඉදිරිපත් කළේය.

නව රජයේ අයවැය ඉදිරිපත් කරමින් ඉන්දීය මුදල් අමාත්‍යවරිය වන නිර්මලා සීතාරාමන් ප්‍රකාශ කළේ, මෙම අයවැය මගින් රැකියා නියුක්තිය සහ පුහුණුව, කුඩා ව්‍යාපාර සහ මධ්‍යම පන්තිය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ බවය.

මෙම අයවැය මගින් ඉදිරිපත් කෙරුණු ආර්ථික ප්‍රතිපත්ති රාමුව මීළඟ පරම්පරාවේ ප්‍රතිසංස්කරණ සඳහා පදනම සකසන බවත් ඇය කියා සිටියාය.

ඒ අනුව මෙවර ඉන්දීය අයවැයෙන් ගනු ලැබූ විශේෂ පියවරක් වන්නේ රන් සහ රිදී ආනයන බදු පහත දැමීමය.

ලෝකයේ දෙවැනි විශාලතම රන් පාරිභෝජකයා වන ඉන්දියාව මේ පියවර ගෙන තිබෙන්නේ, නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රන් ගෙනඒම නතර කිරීමේ පියවරක් ලෙසය.

රන් සහ රිදී සඳහා ඉන්දියාව පනවා තිබූ 15%ක ආනයන බදු 6% දක්වා කැපී පෙනෙන ලෙස අඩු කිරීම ඉන්දියාවේ රන් සඳහා ඉල්ලුම ඉහළ යාමට හේතුවක් විය හැකි බව වාර්තා වෙයි.

මේ නිසා දැනටමත් ඉන්දියාවේ රන් මිල අඩුවී ඇති අතර ගෝලීය වෙළෙඳපොළේ රන් මිල ඉහළයාමක් දක්නට ලැබෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *