ජීවන් තොණ්ඩමන්ව අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්
ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නුවරඑළිය වැඩබලන මහෙස්ත්‍රාත් ජයමිණී අඹගහවත්ත මහතා විසින් නුවරඑළිය පොලීසියට නියෝග කර තිබෙනවා.
පසුගිය මැයි (30)දින අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් කැලණි වැලි සමාගම යටතේ පාලනය වන නුවරඑළියේ තේ කර්මාන්ත ශාලාවකට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය විසින් අධිකරණය හමුවේ සඳුදා (22) කරුණු වාර්තා කළ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
අධිකරණය වෙත සඳුදා (22) දින ඉදිරිපත් වන ලෙසට අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු සැකකරුවන් පිරිසට ලිඛිතව නුවරඑළිය පොලීසිය මඟින් දැනුම්දි තිබු නමුත් සැකකරුවන් කිසිවෙක් අධිකරණය වෙත ඉදිරිපත් වී සිටියේ නැහැ.
වතු සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.