ශ්‍රී ලංකාවේ ප්‍රථම දූරියන් ආදර්ශ වගා කළාපය ස්ථාපිත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම දූරියන් ආදර්ශ වගා කළාපය ස්ථාපිත කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම දූරියන් ආදර්ශ වගා කළාපය ස්ථාපිත කරයි

ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ පූර්ණ දායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ පළමුවන දූරියන් වගා ආදර්ශ වගා කළාපය වලස්මුල්ල හදුගල ඇතුළු ගම්මාන තුනක් කේන්ද්‍ර කර ගනිමින් ස්ථාපිත කෙරිණි.

වළස්මුල්ල පළමු දූරියන් ආදර්ශ වගා කලාපයේ කටයුතු සිකුරාදා දිනයේ (19) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීම සිදු විය.

අපනයනය ඉළක්ක කරමින් ආරම්භ කෙරෙන දූරියන් ආදර්ශ වගා කලාපයේ පළමුවැනි අදියර යටතේ දූරියන් පැළ 2500ක් ගොවීන් අතර බෙදා හැරීමට නියමිතය. සම්පූර්ණ ව්‍යාපෘතිය තුළ දූරියන් පැළ 20,000ක් වගා කිරීමට සැළසුම් කර තිබේ.

මෙම වගා කලාපය තුල වැඩි අස්වැන්නක් ලබා දෙන හා ඉහළ රසයකින් හෙබි කෙටිකාලයක් තුළ ඵල හටගන්නා දෙමුහුන් දූරියන් විශේෂ දෙකක් වන අඹතැන්න හා කසුන් නැමැති විශේෂ දෙක වගා කිරීමට කටයුතු යොදා තිබේ. මෙම දූරියන් ප්‍රභේද දෙකම අනෙකුත් සාම්ප්‍රධායික දූරියන් ගස් මෙන් විශාලව නොවැඩෙන අතර අඩි අටක්- 12ක් දක්වා උසට වැඩෙන එහෙත් වැඩි ඵලදාවක් ලබා දෙන ප්‍රභේද දෙකක් වේ. මේ නිසා සාමාන්‍ය ඉඩමක වුවත් වගා කිරීමට හැකියාව ඇත.

අඹතැන්න හා කසුන් දූරියන් විශේෂ දෙකම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති නවතම ප්‍රභේද දෙකක් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *