ගාසා තීරයෙන් භයානක වෛරස් ප්‍රභේදයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය

0
ගාසා තීරයෙන් භයානක වෛරස් ප්‍රභේදයක් - ලෝක සෞඛ්‍ය සංවිධානය

ගාසා තීරයෙන් භයානක වෛරස් ප්‍රභේදයක් - ලෝක සෞඛ්‍ය සංවිධානය

ඉතා වේගයෙන් ආසාදනය වියහැකි පෝලියෝ වෛරසයේ ප්‍රභේදයක් ගාසා තීරයෙන් හමුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ගාසා තීරයෙන් ලබාගත් අපද්‍රව්‍ය සාම්පලවල තිබී එම වෛරස ප්‍රභේදය හමුවී තිබෙන අතර මෙම වෛරසය ආසාදනය වුවහොත් එම පුද්ගලයින් අංගවිකල වීමට ඉඩ තිබෙන බවයි වාර්තා වෙන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් පවසන්නේ ඒ හේතුවෙන් පලස්තීනුවන් විශාල අවදානමකට මුහුණදී ඇති බවයි.

එම පෝලියෝ වෛරස ප්‍රභේදය VDPV2 ලෙස හඳුනා ගෙන ඇති අතර පසුගිය මාසයේ ඛාන් යුනිස් සහ ඩෙයා අල්-බලා යන ස්ථානවලින් ලබාගත් සාම්පල 6ක තිබී එම ප්‍රභේදය හමුවූ බව සඳහන්ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com