ගැබිනි මව්වරුන්, දරු­වන් අතර දිය­වැ­ඩියා තත්වය ඉහළට

ගැබිනි මව්වරුන්, දරු­වන් අතර දිය­වැ­ඩියා ආසා­දි­ත­යන් ඉහළට

ගැබිනි මව්වරුන්, දරු­වන් අතර දිය­වැ­ඩියා ආසා­දි­ත­යන් ඉහළට

පසු­ගිය වසර 10ක කාලය තුළ ගැබිනි මව්වරුන් සහ කුඩා දරු­වන් අත­රින් දිය­වැ­ඩියා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව කොළඹ ජාතික රෝහලේ දිය­වැ­ඩි­යාව සහ හෝමෝන පිළි­බඳ විශේ­ෂඥ වෛද්‍ය උදිත බුළු­ග­හ­පි­ටිය මහතා පැව­සීය.

නාග­රික ප්‍රදේශ තුළ ජීවත් වන පුද්ග­ල­ය­න්ගෙන් 20.5%ක් පමණ දිය­වැ­ඩි­යාව රෝග­යට ගොදුරු වී ඇති බවත්, පුද්ග­ල­යාගේ උසට සරි­ලන බර පව­ත්වා­ගෙන යෑමෙන් දිය­වැ­ඩි­යාව රෝග­යට ගොදුරු නොවී සිටිය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

සැම අය­කුම දිය­වැ­ඩි­යා­වට ගොදුරු නොවී ජීවත් වීමට කට­යුතු කළ යුතු බවත්, පුද්ග­ල­ය­කුගේ නීරෝ­ගි­භා­ව­යට අවම වශ­යෙන් පැය භාග­ය­ක්වත් ව්‍යායාම කිරීම අත්‍ය­වශ්‍ය බවත් පැවසූ ඒ මහතා අධික සීනි සහිත ආහාර පරි­භෝ­ජ­නය ඉහළ යෑම හේතු­වෙන් පුද්ග­ල­යන් දිය­වැ­ඩි­යාව රෝග­යට ගොදුරු වන අතර, කිසි­යම් අය­කුට දිය­වැ­ඩි­යාව පව­තින්නේ නම් අක්ෂි ඇතුළු සිරුරේ පව­තින සෙසු අව­ය­ව­ව­ල­ටද හානි කරන බවද පැව­සීය.

පවුලේ සාමා­ජි­ක­යකු දිය­වැ­ඩි­යා­වට ගොදුරු වී සිටින්නේ නම් පවුලේ සෙසු සාමා­ජි­ක­යන් අත­රද දිය­වැ­ඩියා රෝගීන් වාර්තා වීමේ වැඩි ප්‍රව­ණ­තා­වක් පව­තින බවද ඒ මහතා කියා සිටි­යේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *