ඥානසාර හිමිට ඇප

ඥානසාර හිමිට ඇප

ඥානසාර හිමිට ඇප

බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබීය.

කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමෙන් ආගමික සමගිය කඩකිරීමේ චෝදනා මත බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට බරපතළ වැඩසහිත වසර 4ක සිරදඬුවම් නියම කෙරුණි.

ඒ, පසුගිය මාර්තු මස 28 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *