සුරක්ෂා රක්ෂණය නැවත ක්‍රියාත්මක කිරිමට අනුමැතිය

සුරක්ෂා රක්ෂණය නැවත ක්‍රියාත්මක කිරිමට අනුමැතිය

සුරක්ෂා රක්ෂණය නැවත ක්‍රියාත්මක කිරිමට අනුමැතිය

සුරක්ෂා සිසු රක්ෂණාවරණය වැඩසටහන නැවත ක්‍රියාත්මක කිරිම සඳහාත්, ඒ සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙතින් මිල ගණන් කැඳවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙයි.

ඒ අනුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මිල යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඇගයීමට ලක් කර 2024/2025, 2025/2026 සහ 2026/2027 යන වර්ෂයන් සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන රුපියල් බිලියන 6.027ක (වැට් රහිත) මුදලකට ක්‍රියාත්මක කිරීම නිර්දේශ කර ඇත.

ඉහත සඳහන් පරිදි වසර 03ක කාලයක් සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණය සඳහා වන කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් වෙත ප්‍රදානය කිරීමටත්, සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ රක්ෂණාවරණය යටතේ වාර්ෂික ආදායම රුපියල් 180,000කට අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ට හිමි දෙමාපිය මරණ ප්‍රතිලාභ “අස්වැසුම” වැඩසටහනට අයත් පවුල් වල සිසුන්ටද ලබා දීමටත් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *