බන්ධනාගාරගත සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මවයි

0
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 21 හැවිරිදි තරුණයෙකුට වසර 10ක සිරදඬුවම්

මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 21 හැවිරිදි තරුණයෙකුට වසර 10ක සිරදඬුවම්

බන්ධනාගාරගත සිරකරුවන් ප්‍රමාණය 30,000 ඉක්මවා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පැවැසීය.

යුක්තිය මෙහෙයුම ආරම්භ වීමට පෙර බන්ධනාගාරගතව සිටියේ සිරකරුවන් 26500ක් බවද ඔහු සඳහන් කළේය.

සිරකරුවන් ප්‍රමාණය ඉහළ යෑම නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ අවශ්‍යතාව වැඩි වී තිබෙන බව කී කොමසාරිස්වරයා බන්ධනාගාර නියාමක නිලධාරීන් 1700කගේ පමණ හිඟයක් තිබෙන බවද ඉන් 900ක් බඳවා ගැනීමට අවසර ලැබී ඇති බවද ඔහු පැවසීය.

බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟය දීර්ඝකාලීනව තිබුණ බවත් මෙම නව බඳවා ගැනීම්වලින් පසු එම ගැටලුවට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com