දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය

දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය

දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය 2024 – 2034 සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2023 අංක 19 දරන ආයුර්වේද (සංශෝධිත) පනතින් සංශෝධිත 1961 අංක 31 දරන ආයුර්වේද පනත මඟින් දේශීය වෛද්‍ය ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ නීතිමය රාමුව සපයා තිබෙන බව රජය පවසයි.

එහෙත්, දේශීය වෛද්‍ය සේවාව සඳහා රජයේ ප්‍රතිපත්තිමය දිශානතිය මෙහෙයවන තනි ජාතික ප්‍රතිපත්තියක් මෙතෙක් සම්පාදනය වී නැතැයිද රජය කියයි.

විද්වත් මණ්ඩලයක් විසින් පුළුල් සහභාගීත්ව ක්‍රියාවලියක් හරහා සකස් කරනු ලැබ ඇති ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය 2024-2034 ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *