GIT විභාගයේ පාසල් අයඳුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

GIT විභාගයේ පාසල් අයඳුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

GIT විභාගයේ පාසල් අයඳුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක්

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2023,2024 පාසල් අයඳුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් , ඉහත විභාගය සඳහා අයඳුම්පත් කැඳවීම 2024/07/12 වන දින සිට 2024/07/29 වන දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරන බව පවසා සිටියි.

සියලුම අයදුම්කරුවන් තමන්ගේ විදුහල්පති/පාසල් ප්‍රධානීන් මඟින් අයදුම්පත් යොමු කිරීම කළ යුතුය.

ඒ අනුව විදුහල්පතිවරුන්/පෞද්ගලික පාසල් ප්‍රධානීන් විසින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic දෙපාර්තමේන්තු නිල ජංගම දුරකථන යෙදවුම ‘DOE’වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා නිවැරදිව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පමණක් අයදුම්පත්‍ර යොමු කළ යුතු වේ.

අයදුම්කරුවන්ට පෞද්ගලිකව අයදුම් කළ නොහැකියි.

උක්ත විභාගය සඳහා රජයේ හා පෞද්ගලික පාසල් විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබාදී ඇති පරිශීලක නාම හා මුරපද භාවිතයෙන් අයදුම් කළ යුතු වේ.

ඉන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබාගත යුතුය.

මෙම විභාගය සඳහා අයදුම්පත් යොමු කළ හැක්කේ 2023 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයට පළමුවර පෙනී සිටි 2023 පැවති GIT විභාගය සඳහා අයදුම් කිරීමට නොහැකි වූ සිසුන්ට 2023 වර්ෂයේ දී 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන්ට හා 2024 12 ශ්‍රේණීයේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් වන අතර දත්ත පද්ධතියට ඇතුළත් කර ඇති වර්ෂ අතරින් සිසුන්ගේ අදාළ වර්ෂය තෝරා ගත යුතුය.

පෞද්ගලික පාසල් සිසුන්ගේ සියලුම තොරතුරු ඒ ඒ වර්ෂ අනුව දත්ත පද්ධතියට ඇතුළත් කිරීමෙන් පසුව ගාස්තු ගෙවීම් කළ යුතුය.

ගාස්තු ගෙවීම් කිරීමෙන් අනතුරුව නවක සිසුන් ඇතුළත් කළ නොහැකිය.

වැඩි විස්තර,
1911
0112 786 616 / 0112 784 537 / 0112 784 208

ෆැක්ස් – 0112 784 201
පොදු අංක – 0112 785 202 / 0112 786 200 / 0112 784 201

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *