විදුලි ගාස්තු 22.5%කින් පහළට

0
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවලියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ ප්‍රසිද්ධි සංචාරක යූටියුබ් නාලිකාවක් පවත්වාගෙන යනු ලැබූ 33 හැවිරිදි ජෝති මල්හෝත්‍රා නම් තරුණියක් ඇතුළු පිරිසකි. ඇය ඇතුළු පිරිස විසින් ඉන්දීය හමුදා තොරතුරු පාකිස්තානය සමග බෙදා ගෙන ඇති බවට මේ වන විට ඉන්දීය ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබේ. ඉන්දීය ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන ඇති පරිදී ජෝති මල්හෝත්‍රා විසින් 2023 වසරේදී දෙවරක් පාකිස්තානය වෙත ගොස් ඇති බවත් ඇයගේ එම සංචාරයට පෙර නවදිල්ලියේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වූ එහ්සාන්-උර්-රහිම් නම් අයෙකු සමග සමීප සම්බන්ධතාවක්ද ගොඩනගාගෙන තිබේ. එම රහීම් නම් අයව පසුගිය පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දීය ආරක්ෂක අංශ විසින් නීත්‍යානුකූල නොවන අයෙකු ලෙස සලකා ඇති අතර ඔහුට පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් පිටව යන ලෙසට ද නියෝග කර තිබුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් ඇය විසින් 2023 වසරේදී සිදුකළ පාකිස්තාන සංචාරය අතරතුර එරට ආරක්ෂක අංශ සහ බුද්ධි නිලධාරීන් හමුව ඇති බවත් පසුව නැවත ඉන්දියාවට පැමිණ එකී නිලධාරීන් සමග නිරන්තර සම්බන්ධතා පවත්වා ගනිමින් ඉන්දීය ජාතික විරෝධී තොරතුරු බෙදා ගැනීමට පටන් ගෙන ඇති බවත් ඇය විසින් ඉන්දීය ආරක්ෂක අංශ වෙත පාපොච්චාරණය කර ඇති අතර ඔත්තු බැලීමේ චෝදනාවට ලක් වූ රහීම් නම් අයව කිහිප වතාවක්ම මුණ ගැසී ඇති බවත් ඇය විසින් එහිදී ඉන්දීය ආරක්ෂක අංශ හමුවේ පාපොච්චාරණය කර ඇත. තවද ජෝති මල්හෝත්‍රා විසින් ඉන්දියාවේ ස්ථාන පිළිබඳ සංවේදී තොරතුරු පාකිස්තාන නිලධාරීන් හමුවේ බෙදා ගෙන ඇති ආකාරය පිළිබඳව මෙහිදී ඉන්දීය ආරක්ෂක අංශ හමුවේ ඇය විසින් පාපෝච්චාරණය කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මේ අතර ජෝති මල්හෝත්‍රාට අමතරව තවත් අයෙකු ලෙස හඳුනාගෙන ඇත්තේ පන්ජාබ්හී මලර්කොට්ලා හී පදිංචි 32 හැවිරිදි කාන්තාවකි. ඇය විසින් වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට පාකිස්තානය වෙත ගොස් ඇති බවත් එහිදී රහීම් නම් අය මුණ ගැසී හඳුනාගෙන ඇති බවත් අනාවරණය වී තිබේ. පසුව කාලයත් සමග රහීම් නම් අය විසින් ගුසාලා නම් මෙම කාන්තාවට විටින් විට මුදල් ලබා දීම් සිදුකර ඇති බවත් ඉන්දීය ආරක්ෂක අංශ විසින් මෙහිදී අනාවරණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවලියක්

ජූලි 16 වන අඟහරුවාදා දින සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5%කින් අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිසම සඳුදා (15) තීරණය කළේය.

ඒ මේ වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුවය.

ඒ සම්බන්ධයෙන් පැවැත් වූ මහජන උපදේශනයේ දී ඉදිරිපත් වූ යෝජනා හා අදහස් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොමිසම සිය තීරණය මෙලෙස ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ගෘහස්ත, ආගමික ස්ථාන, හෝටල්, කර්මාන්ත, පොදු කාර්ය හා රාජ්‍ය ආයතන යන සියලු පාරිභෝගික කාණ්ඩවල විදුලි ගාස්තු 16 වන අඟහරුවාදා දින සිට අඩු කෙරේ.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිය යෝජනාව මඟින් සමස්ත විදුලි ගාස්තු අඩුවීම සියයට 10කට සීමා කර තිබුණද කොමිෂන් සභාව විසින් සමස්ත ගාස්තු අඩුකිරීම 22.5%ක් දක්වා ඉහළ දමා තිබේ.

ආගමික ස්ථානවල අඩු විදුලි පරිභෝජනයක් සහිත කාණ්ඩ සඳහා මෙතෙක් අය කළ රුපියල් 8 සහ 9 බැගින් වූ ඒකක මිල රුපියල් 6 දක්වාද රුපියල් 18ක් වූ ඒකක මිල රුපියල් 10 දක්වාද රුපියල් 32ක් වූ ඒකක මිල රුපියල් 20 දක්වාද රුපියල් 43ක් වූ ඒකක මිල රුපියල් 30 දක්වාද මෙලෙස 16 දින සිට අඩු කර තිබේ.

ආගමික ස්ථානවලින් අය කළ මාසික ස්ථාවර ගාස්තුද සියලු කාණ්ඩ සඳහා අඩුකර තිබේ.

කර්මාන්ත ශාලා සහ හෝටල් කාණ්ඩයේ දහසු වෝල්ත 42ට අඩු කොන්ත්‍රාත් ඉල්ලුමක් ඇති උප කාණ්ඩය සඳහා මෙතෙක් පැවැත් වූ රුපියල් 37 රුපියල් 30.50ක් දක්වා සහ රුපියල් 25.50ක් වූ ඒකක මිල පිළිවෙලින් රුපියල් 30.50, රුපියල් 18ක් දක්වා අඩුකිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත.

එම පාරිභෝගික කාණ්ඩ දෙක සඳහා අදාළ වන මාසික ගාස්තු සංශෝධනය කර නැත.

නව ගාස්තු සංශෝධනයේ දී රාජ්‍ය ආයතන හා පොදු කාර්ය අංශ සඳහා මෙතෙක් පැවති රුපියල් 55, රුපියල් 45 සහ රුපියල් 37 බැගින් වූ ඒකක මිල පිළිවෙලින් රුපියල් 46.75ක්, රුපියල් 38.25ක් සහ රුපියල් 31.45ක් දක්වා අඩුකර තිබේ.

නව ගාස්තු සංශෝධනය සමග ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට කොන්දේසි 7ක් පනවා ඇත. විදුලි පාරිභෝගිකයින් ඉල්ලා සිටින විට දී විදුලි බිල්පත් නිකුත් කළ යුතු බවද එම කොන්දේසි අතර වේ.

එමෙන්ම විදුලි ජනනය සඳහා ඉන්ධන මිලදී ගැනීමේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමග ගිවිසුම්වලට එළැඹීමට පියවර ගන්නා ලෙසද කොන්දේසි පනවා ඇත.

ඒ අනුව විදුලි ගාස්තු වෙනස් වෙන ආකාරය පහතින් දැක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com