එන්නතක් නිසා දරුවන් 11කට අසාධ්‍යයි

මිහින්තලය ප්‍රදේශයේ පාසලක සිසුන් සඳහා මිහින්තලය ප්‍රාදේශීය රෝහලෙන් ලබා දුන් එන්නතකින් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත් වූ සිසුන් 11 දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රථිකාර සඳහා ඇතුලත් කර තිබෙනවා.

මෙලෙස එන්නත ලබා ගැනීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇත්තේ මිහින්තලය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 06ත් 13ත් අතර වයස් සීමාවන්වල පසුවන සිසුන් පිරිසක්.

මෙම සිසුන් පිරිස ඊයේ (14) දින සෙම් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිම සඳහා මිහින්තලය රෝහලට ගිය අවස්ථාවේදී ලබාදුන් එන්නතක් විෂ විමෙන් ඔවුන් ආසාධ්‍ය ත්ත්වයට පත් වී තිබෙනවා.

අනතුරුව එම සිසුන් පිරිස වැඩිදුර ප්‍රථිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා.

-හිරුණි විජේසිංහ- news19

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *