රු. කෝටි 600කට වැඩි වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය විනාශ කරයි

රු. කෝටි 600කට වැඩි වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය විනාශ කරයි

රු. කෝටි 600කට වැඩි වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය විනාශ කරයි

අවස්ථා කිපයකදී පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු අවසන් වු රුපියල් කෝටි 600කට වැඩි වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත තුළ ස්ථාපිත කර ඇති අධිබල තාප උදුනේ දමා විනාශ කිරීම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරීයෙදී බ්‍රහස්පතින්දා දින (11) දහවල් සිදු කෙරුණා.

මත්ද්‍රව්‍ය තොගය 2020 වසරේ අත්අඩංගුවට ගෙන තිබු අතර එහි කොකේන් කිලෝ 355යි ග්‍රෑම්ස් 881ක ප්‍රමණයක් අඩංගු පාර්සල් වල බහා තිබුණා.

ඒ සම්බන්ධව පැවති අධීකරණ කටයුතු නිම විමත් සමග අධිකරණය ලබා දුන් නියෝග මත මෙසේ කොළඹ සිට වනාතවිල්ලුව ලැක්ටෝ වත්තට විශේෂ පොලිස් හා පොලිස් විශේස කාර්ය බලකා ආරක්ෂාව යටතේ රැගෙන විත් විනාශ කිරීම ආරම්භ කිරීම සිදුකෙරුණා.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද එක්ව සිටියා

එම අවස්ථාවට එක්වු මහජන ආරක්ෂාව පිළිබදව ඇමති ටිරාන් අලස් මහතා පවසා සිටියේ මේ වන විට වනාතවිල්ලුව ලැක්ටෝ වත්ත තුල ස්ථාපිත කර ඇති අධිබල තාප උදුනේදී රුපියල් බිලියන 19ක වටිනාකමකින් යුත් හෙරෝයින්, අයිස්, කොකේන් ඇතුළු කිලෝ 1890ක මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කර ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *