බන්ධනාගාර කොමසාරිස් තනතුරට එස්. කේ. පල්ලෙතැන්න

0
බන්ධනාගාර කොමසාරිස් තනතුරට එස්. කේ. පල්ලෙතැන්න

බන්ධනාගාර කොමසාරිස් තනතුරට එස්. කේ. පල්ලෙතැන්න

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිලධාරියෙක් වන එස්. කේ. පල්ලෙතැන්න මහතා බන්ධනාගාර කොමසාරිස් තනතුරට උසස්වීම් ලැබීය.

කොමසාරිස් තනතුරට පත්වන තෙක් විශේෂ ශ්‍රේණියේ බන්ධනාගාර අධිකාරීවරයෙක් ලෙස සේවය කළ පල්ලෙතැන්න මහතා දෙවැනි පෙළ ජේලර්වරයෙක් ලෙස 1987 වසරේ බන්ධනාගාර සේවයට එක්විය.

බන්ධනාගාර කීපයක අධිකාරීවරයා ලෙසද කටයුතු කර ඇති ඒ මහතා මැලේසියාව, තායිලන්තය, ඉන්දියාව සහ මාලදිවයින රටවල්වල පුහුණුව ලබා තිබේ. ඔහු ඉන්දියාවේදී විශෝධනය හා කළමනාකරණ විද්‍යා ඩිප්ලෝමාව හැදෑරීය.

දක්‍ෂ ක්‍රීඩකයෙක් වන පල්ලෙතැන්න මහතා බන්ධනාගාර ක්‍රීඩා සංගමයේ භාණ්ඩාගාරිකවරයා ලෙසද කටයුතු කළ අතර ඒ මහතා ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com