බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරිය

0
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරිය

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලාංකීක දෙමළ සම්භවයක් සහිත මන්ත්‍රීවරිය

ශ්‍රී ලංකා සම්භවයක් සහිත උමා කුමාරන් පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ (04) පැවැත්වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබේ.

කම්කරු පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට ඉදිරිපත් වූ උමා කුමාරන්, ඡන්ද 19,145ක් ලබා ගනිමින් ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය බවට පත්ව ඇත.

කම්කරු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ උමා කුමරන් සිවිල් යුද සමයේදී සරණාගතයින් ලෙස බ්‍රිතාන්‍යට පළාගිය දෙමළ ජාතික යුවළක දාව නැගෙනහිර ලන්ඩනයේදී උපත ලබා තිබේ.

මේ අතර, ඓතිහාසික ජයක් වාර්තා කරමින් බ්‍රිතාන්‍යයේ 58වැනි අගමැති ධුරයට පත් කියර් ස්ටාමර් නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අතරට කාන්තාවන් 11 දෙනෙකුද අයත් වන අතර කැබිනට් මණ්ඩලයේ ඉහළම ධුර ද්විත්වයක් වන උප අගමැති ධුරය සහ පාර්ලිමේන්තුවේ චාන්ස්ලර් ධුරයද හිමිව ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකුට වීම විශේෂත්වයකි.

ඒ අනුව, 2015 වසරේදී කම්කරු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඇන්ජේලා රේනර් හට බ්‍රිතාන්‍ය උප අගමැති ධුරය හිමි විය.

රේචල් රීව්ස්හට පාර්ලිමේන්තුවේ චාන්ස්ලර් ධුරය හිමිවූ අතර ඇය වාර්තා අතරට එක්වන්නේ එම ධුරයට පත් පළමු කාන්තාව ලෙසය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com