ශ්‍රී ලංකාවේ දෙවන රබර් පර්යේෂණ ආයතනය ‌මොණරාගල කුඹුක්කන දී විවෘත වේ

ශ්‍රී ලංකාවේ දෙවන රබර් පර්යේෂණ ආයතනය ‌මොණරාගල කුඹුක්කන දී විවෘත වේ

ශ්‍රී ලංකාවේ දෙවන රබර් පර්යේෂණ ආයතනය ‌මොණරාගල කුඹුක්කන දී විවෘත වේ

ශ්‍රී ලංකාවේ දෙවන රබර් පර්යේෂණ ආයතනය ‌මොණරාගල කුඹුක්කන දී පසුගියදා විවෘත කෙරුණා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රබර් පර්යේෂණායතනය විවෘත කරනු ලැබූ අතර ඒ සදහා රජය විසින් වැය කරන ලද මුදල රුපියල් මිලියන 11ක්.

ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් මෙම කටයුතු සංවිධානය කර තිබු අතර එම ආයතනයේ නව සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මහතා ඇතුළු පිරිසක් ඊට සහභාගි වුණා.

මේ වනවිට මොනරාගල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 16,000ක රබර් වගා කර තිබෙන අතර මෙම ප්‍රමාණය හෙක්ටයාර් 50,000 දක්වා ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබේ. දැනට කුඩා පරිමාණ ගොවීන් 1000ක් පමණ මොණරාගල රබර් වගාවේ නිරත වන අතර එම ප්‍රමාණය දෙගුණයකින් ඉහළ නැංවීමට සැලසුම් කරයි.

රබර් කිරිවල ප්‍රමිතිය පරීක්ෂා කර බැලීම සඳහා මෙතෙක් කළක් මොණරාගල සිට අගලවත්තට රබර් කිරි සාම්පල එවීමට මොණරාගල රබර් ගොවීන්ට සිදු විම නිසා රබර්වල ප්‍රමිතිය වෙනස්වීම්වලට භාජනය වීමෙන් උසස් තත්ත්වයේ රබර් කිරි නිෂ්පාදනයට එය බරපතල ගැටළුවක් විය. මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන ප්‍රදේශයේ නව රබර් පර්යේෂණ ආයතනයක් පිහිටුවීමට පියවර ගෙන ඇත.

නව වගාවක් ලෙස මොණරාගල දිස්ත්‍රික්කයේ රබර් වගාව මේ වනවිට ඉතාමත් ජනප්‍රියව තිබේ. මෙම රබර් පර්යේෂණ හා ප්‍රදර්ශණ මධ්‍යස්ථානය විවෘත කිරීම මගින් සෑම ගොවියෙකුටම රුපියල් ලක්ෂයක පමණ අමතර මුදලක් උපයා ගැනීමේ අවස්ථාව ද ලැබී තිබේ.

එමෙන්ම නව තාක්ෂණය යොදා ගනිමින් රබර් වේලීම සඳහා පරිසර හිතකාමී දුම් කුටියක්ද හඳුන්වා දී ඇති අතර, මෙම නව තාක්ෂණය මගින් කළින් පැවැති රබර් දුම් ගැසීමේ ක්‍රමවේදයට වඩා 16 ගුණයක ප්‍රතිලාභයක්ද මෙම කර්මාන්තයට ලැබී තිබෙනවා.

මෙම රබර් පර්යේෂණ ආයතනය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් පළ කරමින් කියා සිටියේ පහත රට තෙත් කළාපයේ ඉඩම් රබර් වගාව සඳහා යොදා ගැනීමට මින් පසු පියවර නොගන්නා බවයි.

ඒ නිසා රබර් වගාව වියළි කලාපයේ සුදුසු ඉඩම්වල ප්‍රචලිත කිරීමට පියවර ගන්නා බව සඳහන් කළ අමාත්‍යවරයා පහත රට තෙත් කළාපයේ විශේෂයෙන් කළුතර දිස්ත්‍රික්කයේ වෙනත් ආර්ථික වටිනාකමින් ඉහළ භෝග වගාවට සුදුසු ඉඩම් රබර් වගාවට යොදා ගැනීම නිසා එම ඉඩම්වලින් සැළකිය යුතු ආදායමක් රටට නොලැබෙන බවද අවධාරණය කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *