රු.කෝටි 18ක ”කුෂ් ”ගංජා සහ කොකේන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

රු.කෝටි 18ක ”කුෂ් ”ගංජා සහ කොකේන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

රු.කෝටි 18ක ”කුෂ් ”ගංජා සහ කොකේන් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

කායවර්ධන ක්‍රීඩකයින් තම මස් පිඩු වර්ධනය කර ගැනීම සදහා භාවිතා කරන ”වේ ප්‍රෝටීන්” අඩංගු බෝතල් 13ක් තුළ අසුරා, රුපියල් දහ අට කෝටි පනස් ලක්ෂයක් වටිනා ”කුෂ්” නැමැති ගංජා තොගයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පාර්සල් ගුවන් තැපැල් පාර්සල් සේවය ඔස්සේ සීදුව පිහිටි කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් නැමැති පෞද්ගලික බන්ධිත ගුදම වෙත එවා තිබියදී, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් (28) පස්වරුවේ සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 06ක් ලෙස සකස් කර කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට කඩවත සහ කොළඹ පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා තිබුණි.

මෙම පාර්සල් මීට මාසයකට පමණ පෙර මෙම පෞද්ගලික බන්ධිත ගුදම වෙත ලැබී තිබුණු අතර, ඒවා භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා, එම පාර්සල් විවෘත කර පරීක්ෂා කර බැලීමට පියවර ගෙන තිබූ අතර, මෙම ”වේ ප්‍රෝටීන” බෝතල් වල සදහන් බරට වඩා වැඩි බරක් පැවතීම නිසා ඒවා ගලවා පරීක්ෂා කර බැලීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය තුළ ”කුෂ්” නැමැති ගංජා කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 117ක ප්‍රමාණයක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02යි ග්‍රෑම් 30ක ප්‍රමාණයක් තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

මෙසේ අත් අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *