මාර්තු මාසයේ කොළඹ උද්ධමනය ඉහළට

මාර්තු මාසයේ කොළඹ උද්ධමනය ඉහළට

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 ජූනි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 ජූනි මාසය සඳහා 1.7%ක් දක්වා ඉහළ ගොස් ඇත. එය 2024 මැයි මාසය සඳහා 0.9%ක් ලෙස වාර්තා වී තිබුණි.

2024 ජූනි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය1.4% දක්වා ඉහළ ගොස් ඇති අතර 2024 මැයි මාසයේදී එය වාර්තා වුයේ 0.0 %ක් ලෙසයි.

එමෙන්ම, 2024 ජූනි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 1.8%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2024 මැයි මාසයේ දී 1.3%ක් ලෙස වාර්තා වුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com