උද්ධමනයේ ඉහළ යාමක්

උද්ධමනයේ ඉහළ යාමක්

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 ජූනි මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 ජූනි මාසය සඳහා 1.7%ක් දක්වා ඉහළ ගොස් ඇත. එය 2024 මැයි මාසය සඳහා 0.9%ක් ලෙස වාර්තා වී තිබුණි.

2024 ජූනි මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය1.4% දක්වා ඉහළ ගොස් ඇති අතර 2024 මැයි මාසයේදී එය වාර්තා වුයේ 0.0 %ක් ලෙසයි.

එමෙන්ම, 2024 ජූනි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) 1.8%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2024 මැයි මාසයේ දී 1.3%ක් ලෙස වාර්තා වුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *