පළාත් පාලන ආයතනවල සුළු සේවකයන් 8435ට ස්ථිර පත්වීම් ලිපි

පළාත් පාලන ආයතනවල සුළු සේවකයන් 8435ට ස්ථිර පත්වීම් ලිපි

පළාත් පාලන ආයතනවල සුළු සේවකයන් 8435ට ස්ථිර පත්වීම් ලිපි

පළාත් පාලන ආයතනවල ස්ථිර නැති සුළු සේවකයන් 8435 දෙනෙකුට ස්ථිර පත්වීම් ලිපි ලබාදී තිබෙනවා.

පළාත් පාලන ආයතන තුළ තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුවයි.

මෙමගින් දිවයින පුරා ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභාවල සේවය කරන තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින 8435 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදී තිබෙනවා.

එම පත්වීම් ලිපි කඩිනමින් ලබා දීම සඳහා විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්වුුණා

ඒ අනුව ජූලි මාසය තුළ එම සියලු පත්වීම් ලිපි ලබා දීමට තීරණය කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *