‘කළු­ගල කෙතල’ ශාකය ලෝක උරු­ම­යන් අත­රට

‘කළු­ගල කෙතල’ ශාකය ලෝක උරු­ම­යන් අත­රට

‘කළු­ගල කෙතල’ ශාකය ලෝක උරු­ම­යන් අත­රට

වයඹ විශ්ව­වි­ද්‍යා­ලයේ මහා­චාර්ය ඉන්ද්‍ර­ඛීල මාදොල මහතා ඇතුළු පරි­ස­ර­වේ­දීන් පිරි­සක් සිදු කළ පර්යේ­ෂ­ණ­ය­කින් අන­තු­රුව සොයා­ගත් ලෝකයේ එකම “කළු­ගල කෙතල”(Lagenandra Kalugalensis) ශාකය සංර­ක්ෂ­ණය කිරීම පසුගිය සඳුදා දින (25) කළු­ගල රක්ෂි­ත­යේදී සිදු විය. ශ්‍රී ලංකාවේ සිංහ­රාජ වනා­න්ත­රය ආශ්‍රිත කළු­ගල රක්ෂි­ත­යට ආවේ­ණික ඒක දේශීය ශාක­යක් නිසා මෙම ලෝක උරුම කෙතල ශාකය “කළු­ගල කෙතල (Lagenandra kalugalensis)” ශාකය ලෙස නම් කර තිබේ.

මෙම ශාකය ලොව කිසිදු රට­කින් මෙතෙක් හමුවී නැති අතර “කළු­ගල කෙතල” ශාකය සෙන්ටි­මී­ටර් 30 – 45 පමණ උස­කින් යුක්තය. ස්වභාව සම්පත් සංර­ක්ෂණ සඳහා ජාත්‍ය­න්තර ආය­ත­නයේ (I.U.C.N.) නිර්ණා­ය­ක­යන්ට අනුව මෙම ශාකය ලෝකයේ වඳ­වී­යාමේ අති­ශය අන්ත­රා­කාර කාණ්ඩ­යට අයත් බව­ටද තහ­වුරු වී තිබේ. කළු­තර දිස්ත්‍රි­ක්කයේ සිංහ­රාජ ආශ්‍රිත කළු­ගල පරි­සර පද්ධ­ති­යට ආවේ­ණික “කළු­ගල කෙතල” ශාකය කළු­ගල රක්ෂි­ත­යෙන් ලොවට හඳුන්වා දුන් නිසාම එය “කළු­ගල කෙතල” ලෙස නම් කර තිබේ.

මෙම ලෝක උරුම ශාකය පසු­ගි­යදා වයඹ විශ්ව­වි­ද්‍යා­ලයේ මහා­චාර්ය ඉන්ද්‍ර­ඛීල මාදොල මහතා, මහා­චාර්ය කපිල යක­න්දා­වල මහතා, පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ උද්‍භිද විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ මහා­චාර්ය දීප්ති යක­න්දා­වල මහ­ත්මිය ඇතුළු ආචාර්ය, මහා­චා­ර්ය­ව­රුන්ගේ දාය­ක­ත්ව­යෙන් විශ්ව­වි­ද්‍යාල විද්‍යා­ර්ථ­යෙන් සහ අතලේ මහා විද්‍යා­ලයේ ගුරු­භ­ව­තුන්, සිසු දරු­වන්, පරි­ස­ර­වේ­දීන් පිරි­සක් සමඟ ප්‍රදේ­ශයේ පරි­සර හිත­කා­මින් එක්ව කළු­ගල රක්ෂි­තයේ සංර­ක්ෂ­ණය කරනු ලැබීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *