ණය ප්‍රතිව්‍යුගතකරණ ගිවිසුම්වලට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය

වසරේ මුල් මාස 6 තුළ ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රු.බිලියන 129ක ණය ගෙවා දැමීමට පියවර

වසරේ මුල් මාස 6 තුළ ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රු.බිලියන 129ක ණය ගෙවා දැමීමට පියවර

පැරිස් සමාජය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම්වලට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඊට අදාළ ගිවිසුම්වලට එළඹෙන බදාදා දින (26) අත්සන් තැබීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අඟහරුවාදා (25) පැවති මාධ්‍ය හමුවේ දී පැවසීය.

“විශේෂයෙන් රටේ බංකොලොත් භාවය ප්‍රකාශයටපත් කළ පසු ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවට ආධාර සැපයූ මිත්‍ර රටවල රාජ්‍ය නායකත්වයන් සමග විශේෂයෙන් ඉන්දියාව, එවගේම ජපානයේ රාජ්‍ය නායකත්වයන්, චීනය… චීන රාජ්‍ය නායකත්වය පැරිස් ආධාර කණ්ඩායම් ලෝක ප්‍රජාව සමග විශාල සාකච්ඡා ප්‍රමාණයක් පවත්වලා දේශීය සහ අන්තර් ජාතික විශේෂඥ විද්වතුන් රැසකගේ අධාරය සහයෝගීතවය හා මඟපෙන්වීම යටතේ සාකච්ඡාවල අවසන් අවස්ථාවලට මුදල් අමාත්‍යාංශයට, ශ්‍රී ලංකා මහ බැංකුවට සහ අනෙකුත් පිරිස්වලට හැකියාව ලැබිලා ඒ සමග ඇතිකර ගැනීමට අපේක්ෂා කරන ණය ප්‍රතිව්‍යුහගත කරන ගිවිසුම පිළිබඳ දිර්ඝ පැහැදිලි කිරීම ජනාධිපතිවරයා විසින් අඟහරුවාදා දින(24) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.

එහිදී ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කිරීමෙන් පසු ඒ සඳහා අදාළ ගිවිසුම් 26 වනදා අත්සන් තැබීම සඳහා පැරිස ඒකබද්ධ ආධාර කණ්ඩායම්වල හමුවීම් සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, භාණ්ඩාගරයේ ප්‍රධානීන් සහ අපේ රාජ්‍ය අමාත්‍යවරුන්ද ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම් එරටට පිටත් කර යවා තිබෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් එකි ගිවිසුම්වලට අත්සන් තැබීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ.

ජනාධිපතිවරයා ප්‍රකාශයට පත්කළ මේ අත්සන් තබන ලබන සෑම ගිවිසුමක් හා එම ක්‍රවේදයන් සම්පූර්ණ විස්තරාත්මක කර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඉදිරිපත්කරන බවත් ඒ සමගම රටේ සමස්ථ ලාංකිය ජනතාවට ජාතිය අමතලා මේ ජයග්‍රහණයේ සුබ ආරංචිය ලබාදෙන බවත් සඳහන් කර ඇත

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *