කාදිනල් හිමිට ලැබුණු ආධාර රු. මිලියන 500ක් වියදමි කරලා
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් විවිධ පාර්ශ්වවලින් කාදිනල් හිමියන්ට ලැබුණු ආධාර රුපියල් මිලියන 500ක් පමණ මේ වන විට ඔවුන් වෙනුවෙන් වියදමිකර ඇතැයි කොළඹ අගරදගුරු පදවි ජන සංවේදන අධ්‍යක්ෂක ජූඩ් කිෂාන්ත පියතුමෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා (20) දිනයේ කාදිනල් හිමියන්ට පාස්කු ප්‍රහාරයට අදාළව නැගූ චෝදනාවකට පිළිතුරු වශයෙනි.
තවදුරටත් අදහස් දැක්වූ ජන සන්නිවේදන අධ්‍යක්ෂක පියතුමා කියා සිටියේ මේ වන විට දේශපාලන වශයෙන් මෛත්‍රී පාල සිරිසේන මහතා ඉතාමත් බංකොලොත් භාවයකට පත්වි ඇති පුද්ගලයෙක් බැවින් ඒ තත්ත්වය වසා ගැනීමට මෙවැනි බොරු ප්‍රචාර මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරන බවය.
මෙම මාධ්‍ය හමුවේ සිකුරාදා (21) කොළඹ අගරදගුරු මැදුරේදී පැවැත්විණි.