උප්පැන්න සහතිකයක් නොමැති අයටත් හැඳුනුම්පත්
උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ සඳහා මේ මස 30වනදා දක්වා අවස්ථාව පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්රදීප් සපුතන්ත්රී මහතා කියා සිටියේ.
ඒ අනුව මේ සඳහා ඉල්ලුම්පත් යොමු කිරීමට පසුගිය මාර්තු මස 31 වනදා දක්වා කාලය ලබා දී තිබු බවද ඒ මහතා අවධාරණය කළා.
කෙසේවෙතත් ප්රාදේශීය ලේකම්වරුන් සිදුකළ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් ඉල්ලුම්පත් යොමු කිරීම සඳහා මෙලෙස කාලය ලබාදීමට කටයුතු කළ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්රදීප් සපුතන්ත්රී මහතා වැඩිදුරටත් පවසා සිටි.