නටාෂාටත් බෲනෝටත් නිදහස

0
නටාෂාටත් බෲනෝටත් නිදහස

නටාෂාටත් බෲනෝටත් නිදහස

බුදුදහමට අපහාස කිරීමේ චෝදනාවලින් නටාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර යන අය නිදහස් කෙරුණා.

මෝඩාභිමානය නැමැති වැඩසටහන තුලදී බුදුදහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් නතාශා එදිරිසූරිය නැමැත්තියට චෝදනා එල්ල වුණා.

එස්.එල්. ව්ලොග් නැමැති යූ ටියුබ් නාලිකාව ඔස්සේ මෙම ප්‍රකාශ ප්‍රචාරය කරමින් ඊට අනුබලදීම සම්බන්ධයෙනු එහි හිමිකරු වන බෘනෝ දිවාකර නැමැත්තාට චෝදනා එල්ල වුයේ.

නටාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර යන අය නීතිපති උපදෙස් මත නිදහස් කරන බවයි කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා නියෝගය ලබා දෙමින් ප්‍රකාශ කළේ.

ඒ මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට දැනුම්දීමකට අනුවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com