2030වන ලොව පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය මිලියන 22ක් දක්වා ඉහළට

2030වන ලොව පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය මිලියන 22ක් දක්වා ඉහළට

2030වන ලොව පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය මිලියන 22ක් දක්වා ඉහළට

මිලියන 18ක් වන ලොව පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය වර්ෂ 2030වන විට මිලියන 22ක් පමණ දක්වා ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ අනුමාන කරන බව ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහනුවර ශාඛාවේ මනෝ වෛද්‍ය යෝගා ඇන්තනී මහත්මිය පවසයි.

පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය එලෙසින් වර්ධනය වුවත් දැනුවත් භාවය තුළින් එය සැලකිය යුතු තත්ත්වයක් දක්වා පාලනය කර ගත හැකි යැයිද වෛද්‍යවරිය සඳහන් කළාය.

පිළිකා රෝගය හා එහි ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මෙහෙයවීමෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී (18) පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

එහිදී අදහස් දැක්වූ වෛද්‍යවරිය වර්ෂ 2018දී මිලියන 9.6ක් වූ පිළීකා රෝගී මරණ ප්‍රමාණය වර්ෂ 2030දී මිලියන 17ක් පමණ වනු ඇති බවට සෞඛ්‍ය අංශ අනුමාන කරන බවද කීවාය. පුරුෂ පාර්ශවය අතර බහුලව ව්‍යාප්ත වන මුඛ පිළිකා බුලත් විට සැපීම හේතුවෙන් වැළදෙන බව පෙන්වා දුන් වෛද්‍යවරිය, දුම්පානය හේතුවෙන් පෙණහළු ආශ්‍රිත පිළිකා වර්ධනය වන බව කීවාය. මත්පැන් හා අනිකුත් අහිතකර ආහාර පාලනය කිරීම මගින් ගලනාලය සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා අවම කර ගත හැකි යැයිද වෛද්‍යවරිය සඳහන් කළාය.

පිළිකා වලින් තුනෙක් එකක් ප්‍රථම අවස්ථාවේදී හදුනා ගැනීම මගින් සම්පූර්ණයෙන් තුරන් කළ හැකි බවත් තවත් 1/3ක් කල් තබා හදුනා ගැනීම තුළින් පාලනය කළ හැකි බවත් කී ඇන්තනී මහත්මිය, අනෙක් 1/3 රෝගය වැළදුණත් රෝගියාට අවසන් අවස්ථාව දක්වා සාමාන්‍ය පරිදි ජීවත්විය හැකි තත්ත්වය දක්වා පාලනය කළ හැකි යැයි පෙන්වා දුන්නාය.

මහරගම අපේක්ෂා රෝහල, මහනුවර ජාතික රෝහල ඇතුලුව පිළිකා රෝගීන් වෙනුවෙන් රෝහල්වල සිදුකරන ප්‍රතිකාර වලට අමතරව පිළිකා රෝගීන් වෙනුවෙන් අමතර ඖෂධ ලබාදීම, ආහාර සහිතව නේවාසික පහසුකම් ලබාදීම, මහජනයා දැනුවත් කිරීම ඇතුලු වැඩසටහන් රැසක් ශ්‍රී ලංකා සංගමය මගින් සිදුකරන බව වෛද්‍ය යෝගා ඇන්තනී මහත්මිය තව දුරටත් සඳහන් කළාය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *