සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයෙන් ඉල්ලීමක්

දේශීය පොල් තෙල් කර්මාන්තය රැක ගැනීමට ඉදිරිපත් වන්න - සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය

දේශීය පොල් තෙල් කර්මාන්තය රැක ගැනීමට ඉදිරිපත් වන්න - සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය

දේශීය පොල් තෙල් කර්මාන්තය රැක ගැනීමට ඉදිරිපත් වන ලෙස සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

දේශීය පොල්තෙල් සඳහා සියයට 12ක බද්දක් අය කිරීම තුළින් එම කර්මාන්තය විනාශයට පත්ව ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

දේශිය පොල් තෙල් මිල වෙළදපලේ ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා.

දේශීය පොල්තෙල් තොග වෙළද පොලට නිකුත් නොකිරීම, දේශීය පොල් තෙල් සදහා බදු අයකිරීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් මෙසේ මිල ඉහළ ගොස් ඇති බවටයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය පවසන්නේ.

මේ අතර සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ ඉදිරි සති දෙක තුළ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යා හැකි බවයි.

නැව් ගාස්තු මිල සියයට තුන්සීයකින් ඉහළ දැමීම පොල් තෙල් කර්මාන්තයටද දැඩි ලෙස බලපා ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *