කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් 250,000කට තට්ටු නිවාසවල සින්නක්කර අයිතිය

කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් 250,000කට තට්ටු නිවාසවල සින්නක්කර අයිතිය

කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් 250,000කට තට්ටු නිවාසවල සින්නක්කර අයිතිය

එළැඹෙන මාසයේදී කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන් 250,000කට ඔවුන් සිටින තට්ටු නිවාසවල සින්නක්කර අයිතිය ලබාදීමට තමා පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ සඳුදා දින (17) පැවති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව අනාවරණ කළේය.

“උරුමය” සින්නකර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ ජාතික වැඩසටහනේ තවත් අදියරක් ලෙස මහවැලි වලව කලාපයේ ජනපදිකයින් 1,524 දෙනෙකුට ඔප්පු ලබාදීමේ වැඩසටනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී සඳුදා දින (17) පැවැත්වුණි.

“ගිය අවුරුදු 75දී මේ ඉඩම් අයිතිය දීලා, සින්නක්කර අයිතිය නොදුන්නට මේ ඉඩම් දියුණු කරන්න දීලා, පාසල් හදලා විදුලිබලය හදලා, ස්මින් පූල් හදලා, මේ ඔක්කෝම හදලා තියෙනවා මේ ප්‍රදේශයේ. මට පුදුමයි සමහර අය අහනකොට මොකද්ද මේ අවුරුදු 75 කළේ කියලා. අයිස්ලන්තයේ හිටියොත් මිසක නැත්නම් දැනගන්න ඕනේ මොකද්ද වුණේ කියලා. මේ රටේ අමාරු කාලයේ හැම එක්කෙනාටම දුක්විඳින්න තියෙනවා. අලාභය අපි බෙදාගන්නවා. හොඳ වෙද්දි ලාභය අපි ඔක්කෝමල්ලා බෙදා ගන්න ඕනේ. මම බැලුවා අපිට උදව් කරන සමාන්‍ය ජනතාවට ලාභයෙන් කොටසක් දෙන්න බැරි කියලා. අපි අභාභයෙන් දුන්නා නම් ලාභයෙනුත් කොටසක් දෙන්න ඕනේ. බැලුවේ සින්නක්කර අයිතිය හැමෝටම ලබලා දෙන්න. කොළඹ කුඹුරු නෑ බෙදලා දෙන්න. ඒත් අඩු ආදායම් තට්ටු නිවාස තියෙනවා 250,000 අයිතිය මම ලබන මාසේ දෙනවා.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *