සුදුමැස්සාගේ (White Flies) හානියෙන් තැඹිලි අපනයනයට බලපෑම්

සුදුමැස්සාගේ (White Flies) හානියෙන් තැඹිලි අපනයනයට බලපෑම්

සුදුමැස්සාගේ (White Flies) හානියෙන් තැඹිලි අපනයනයට බලපෑම්

පොල්වගාව ආශ්‍රිතව පැතිරි ගිය සුදුමැස්සාගේ (White Flies) හානිය තැඹිලි වගාවටද දැඩි බලපෑමක් එල්ල කර ඇති බව පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

සුදු මැස්සා කහ වර්ණයට දැඩි ආකර්ශනයක් දක්වන හෙයින් සුදු මැස්සාගේ හානිය පොල් වගාවට වඩා තැඹිලි වගාවට වැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.

මෙම හානිය හේතුවෙන් තැඹිලි අපනයනයෙහි සියයට 36ක අඩු වීමක් සිදු වී ඇති බව පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරීහු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබෙනවා.

පසුගිය වර්ෂවල පැවැති දීර්ඝ නියඟය සහිත කාලගුණික තත්ත්වය සුදූමැස්සාගේ ව්‍යාප්තිය උග්‍ර කිරීමට හේතු වුණා.

2023 වර්ෂයේ දී රුපියල් මිලියන 80ක වියදමින් සුදු මැස්සා මර්දනය සදහා කොහොඹ තෙල් නිස්සාරණය පොල් හා තැඹිලි වගාවට යෙදීමට පියවර ගැනීම නිසා සිදුවීමට ගිය විශාල වගා හානියක් වලක්වා ගැනීමට හැකි වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා.

දැනට වසරකට තැඹිලි කන්ටේනර් 200ක් එනම් තැඹිලි ගෙඩි මිලියන 15ක් පමණ අපනයනය කරන අතර එක් ගෙඩියක් ඩොලර් ශත 80ක් එනම් රුපියල් 250ක ආදායමක් ලැබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *