ජූලි මුල් සතියේ උපාධිධාරී ගුරු පත්වීම් 2300ක්

ජූලි මුල් සතියේ උපාධිධාරී ගුරු පත්වීම් 2300ක්
ලබන ජූලි මස මුල් සතියේ දී ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීවවිද්‍යාව, සිංහල, ඉංග්‍රීසි, දමිළ මාධ්‍යයන් හා තාක්ෂණවේදය මෙන්ම විදේශ භාෂා යන විෂය ධාරාවල උපාධිධාරී ගුරු පත්වීම් 2500ක් පමණ ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
එම සියලු උපාධිධාරීන් විභාගයකට පෙනී සිටීමෙන් අනතුරුව සම්මුඛ පරීක්ෂණ සඳහාද මේ වන විට පෙනී සිට ඇතැයි පවසන අමාත්‍යවරයා මෙමගින් දක්ෂම ගුරුවරුන් දරුවන්ට ලබා දීමට අපේක්ෂා කරන බව පැවසුවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ ඉදිකල නව තෙමහල් තාක්ෂණ ගොඩනැගල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වු අවස්ථාවේදීය.