රියදුරු උපදේශකවරුන්ට සහ සහකාර රියදුරු උපදේශකවරුන්ට පත්වීම්

රියදුරු උපදේශකවරුන් සහ සහකාර රියදුරු උපදේශකවරුන්ට පත්වීම්

රියදුරු උපදේශකවරුන් සහ සහකාර රියදුරු උපදේශකවරුන්ට පත්වීම්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් රියදුරු උපදේශක සහ සහකාර රියදුරු උපදේශක පත්වීම් ලබාදීමේ උත්සව, කොළඹ පදනම ආයතනයේදී පැවැත්වුණා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පවත්වනු ලැබූ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණවලින් සමත් රියදුරු උපදේශකවරුන් 475 දෙනෙකු සහ සහකාර රියදුරු උපදේශකවරුන් 75 දෙනෙකු සඳහා අදාල බලපත්‍රය ලබාදීම මෙහිදී සිදුවුණා.

අවසන් වරට රියදුරු උපදේශක උපදේශිකාවන් සහකාර උපදේශකවරුන් බලපත් ලබා දී ඇත්තේ 2016 වසරේදිය.

2022 වසරේ පැවැත් වූ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ සමත් වූ අය සඳහාද බලපත්‍ර ලබාදී තිබෙනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නිශාන්ත වීරතුංග මහතා හා එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රියදුරු උපදේශකවරුන් ඇතුලු පිරිසක් සහභාගි විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *