2024 පළමු කාර්තුවේ දී මෙරට ආර්ථිකයේ වර්ධනයක්

2024 පළමු කාර්තුවේ දී මෙරට ආර්ථිකයේ වර්ධනයක්

2024 පළමු කාර්තුවේ දී මෙරට ආර්ථිකයේ වර්ධනයක්

2024 වර්ෂයේ පළමු කාර්තුවේ දී මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය 5.3%ක් ලෙස දැක්වේ.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව 2023 වසරේ පළමු කාර්තුවේ ස්ථාවර මිල ගණන් යටතේ රුපියල් මිලියන 3,161,963ක් ලෙස වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතය 2024 වසරේ පළමු කාර්තුවේ දී රුපියල් මිලියන 3,329,583ක් ලෙස වාර්තා වී තිබේ.

2024 වසරේ පළමු කාර්තුවේ කෘෂිකාර්මික, කාර්මික හා සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් 1.1%, 11.8%ක් හා 2.6ක් ලෙස ධන වර්ධනයක් ද වාර්තා කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *