රථවාහන රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන්ට සුබ ආරංචියක්

වැඩබලන පොලිස්පතිගෙන් පොලිසියට දැනුම්දීමක්
රථවාහන රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකුට ගෙවූ රු.1600ක මාසික දීමනාව රු.6,000ක් දක්වා ඉහළ දමා තිබේ.
ඊට අදාළව පොලිස්පතිවරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමටද නියමිතය.
මෙතෙක් ස්ථානාධිපති/රථවාහන ධුරය දැරූ නිලධාරියෙක්ට ගෙවූ මාසික දීමනාව වූ රුපියල් 2,500, රුපියල් 7,000ක් දක්වා වැඩිකර ඇති බවද වාර්තා විය.