මාස හයක කාලයක් සඳහා පෙට්‍රල් කොන්ත්‍රාත්තුව ප්‍රදානයක්
මුතුරාජවෙල ප්‍රදේශයේ තවත් තෙල් ටැංකි 7ක් ඉදිකිරීමට පියවර
පෙට්‍රල් 92 unl නැව් තොග පහක් මිලදී ගැනීම වෙනුවෙන් වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2024-7-15 දින සිට 2025-1-14 දින දක්වා මාස හයක කාලයක් සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත පෙට්‍රල් unl බැරල් මිලියන 1.5 +_5% සපයා ගැනීම සඳහා එම සංස්ථාවේ ලියාපදිංචි සැපයුම් කරුවන් වෙතින් ලංසු කැඳවා තිබේ.
ස්ථාවර තාක්ෂණික ඇගැයීම් කමිටුවේ නිර්දේශ මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් එකී ප්‍රසම්පාදනය M/s Aditya Birla Global Trading (Singapore) Pte. Lid.වෙත පිරිනැමීමට නිර්දේශ කර තිබේ.
ඒ අනුව එම සමාගම වෙත අදාල ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පසුගියදා අනුමත කර තිබේ.




